![]() |
අනාරක්ෂිත අයුරින් තේක්ක කොටන් තොගය පටවා ඇති අයුරු |
මොණරාගල සිට මොරටුවට ප්‍රවාහනය කරමින් තිබූ මෙම දැව තොගයේ බරට ඔරොත්තු නොදීම නිසා අතරමගදී ලොරි තට්ටුවද කඩා වැටී ඇතිමුත් ගමන නතර නොකර, එම දැව තොගය මෙලෙස අනාරක්ෂිත අයුරින් බැද ප්‍රවාහනයට රියදුරු පියවර ගෙන තිබුණු අතර, යම් හෙයකින් එම රැහැන් පටවල් කැඩී ගියා නම් මහත් විනාශයක් සිදු වන්නට තිබුණූ බව පොලිස් නිලධාරීන් පවසති.
ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි කොස්තාපල්වරුන් වන 56378 මංජු සහ 72230 බුද්ධික යන දෙදෙනා විසින් මෙම වැටළීම සිදුකර ඇති අතර,සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප
2012-08-26-Ingiriya Central Group
No comments:
Post a Comment