Showing posts with label ව්‍යාපාර. Show all posts
Showing posts with label ව්‍යාපාර. Show all posts

Tuesday, 28 August 2012

මාදු ගඟේ අසිරිය සංචාරකයන්ට අත් විඳින්නට වරම් ලබාදෙන ගඟ බඩ අසිරිය සංචාරක හෝටලය

ගඟ බඩ අසිරිය නිවාඩු නිකේතනය සහ
කැප්ටන් බෝට්ටු සේවාවේ අධිපති 
චන්දන  ප්‍රදීප් 

ජෛව විවිධත්වයකින් හා සුන්දරත්වයකින් යුතු බලපිටිය මාදු ගඟ දකුණු ආසියාවේ තුන්වැනි රම්සා තෙත්බිම ලෙස ප්‍රකටය. ඈත අතීතයේදී මාදු ගඟ දූපත් 64කින් ස්පර්ශය ලබා ඇතත් මේ වන විට දූපත් 44කට සීමා වී තිබේ.
කොත්දූව, මාදුව, මුවන්ගේ දුව, නයිදූව, සත පහේ දූව, ගෝනදූව, මිරල දූව, අප්පල දූව, ගල්මන්දුව, මඩ දුව ආදි දූපත් වඩාත් සුන්දරත්වයට පත්ව ඇත්තේ මාදු ගඟේ තිබෙන ස්වභාව සෞන්දර්යය නිසාමය.
ලොව දක්නට නොලැබෙන දුර්ලභ ඝණයේ කඩොලාන වර්ග, සංචාරක කුරුළු විශේෂ, සමනල වර්ග, ක්‍ෂීරපායින්, විසිතුරු මසුන් වර්ග, උභයජීවීන් ආදීන් ගෙන් පිරී ගිය සුන්දර මාදු නදිය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව මගින් අභය භූමියක් ලෙස නම් කර ඇත.